හොර ඩොලර් සමග සැකකරුවෙක් පොලිස් දැලේ

ජූලි 04, 2019

    කොහුවල පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් ඊයේ ‍ව්‍යාජ අමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 50 සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරු ඩොලරයේ නියමිත වටිනාකමට අඩු වටිනාකමින් විවිධ පුද්ගලයන්ට ‍ඩොලර් මාරුකරදීමේ ජාවාරමක නියැලී තිබේ.

    මෙසේ ජාවාරමට හසුවූ එක් පුද්ගලයකු ඔහුට මුදල් ලබාදීමට ප්‍රමාදවීම නිසා පොලීසියට කල පැමිණිල්ලක් අනුව සිදුකල මෙහෙයුමකින් පසුව මෙම සැකකරු ඩොලර් 100 නෝට්ටු 50 පැමිණිල්ල කල පුද්ගලයාට ලබාදීමට පැමිණිවිට සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    වයස අවුරුදු 43වන මෙම සැකකරු බදුල්ල ප්‍රදේශයේ බව පොලීසිය පවසයි. අද මෙම සැකකරු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැඩිදුර පරීක්ෂණ කොහුවල පොලිසිය මගින් සිදුකරයි.

    Latest News