මාලඹේ - කොළඹ සැහැල්ලු දුම්රිය මුල් පියවර අද (වීඩියෝ)

ජූලි 03, 2019

    මාලඹේ සිට කොළඹ කොටුව දක්වා සැහැල්ලු දුම්රිය මාර්ග සේවා සංක්‍රමණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කොළඹ දී අද සවස පැවැත්වේ.

    ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින්. නාගරික පොදු ප්‍රවාහන සේවයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කෙරේ. මෙය මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දිගු කාලීන අපේක්ෂාවක සාධනීය පියවරක්. ජපාන රජයේ මූල්‍යාධාර යටතේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. අමෙරිකානු ඩොලර් බිලියන 1.85ක ආධාර ඊට හිමිව තිබේ.

    මාලඹේ සිට බත්තරමුල්ල සහ බොරැල්ල ඔස්සේ කොළඹ කොටුවට ප්‍රවේශ වන සැහැල්ලු දුම්රියේ ගමන් මග කිලෝමීටර් 16ක් නැවතුම් ස්ථාන 16ක් සහිත අතර මාලඹේ සිට කොළඹ කොටුවට විනාඩි 32කින් ළඟා විය හැකියි. සමාරම්භක උත්සවය අද සවස කොළඹ දී පැවැත්වේ. 2024 දී ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂිතයි.

    Last modified on බදාදා, 03 ජූලි 2019 21:04

    Latest News