රාජ්‍ය ලාංජනයේ නිර්මාතෘ සමුගෙන වසර 7ක්

ජූලි 03, 2019

    රාජ්‍ය ලාංජනයේ නිර්මාතෘ පුරාවිද්‍යා චක්‍රවර්තී එස් එම් සෙනෙවිරත්න මහතා දැයෙන් සමුගෙන අදට වසර 07ක් සපිරෙනවා.

    කලාපති,කලාභූෂණ සෙනෙවිරත්න මහතා හිටපු පුරාවිද්‍යා සහකාර කොමසාරිස්වරයෙකු ද වෙයි. අසහාය නිර්මාණ රැසක් මෙරටට දායාද කළ කෘතහස්ත කලාකරුවෙකු වන එස් එම් සෙනෙවිරත්න මහතා උපත ලැබුවේ කෑගල්ල ප්‍රදේශයේ. චිත්‍ර කලා හැකියා මැනවින් ප්‍රගුණ කළ ඔහු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 15ක පමණ නිල ලාංජන නිර්මාණය කර තිබේ. 1972 වසරේ ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, රාජ්‍ය ලාංජනය නිර්මාණය කළේ, සෙනෙවිරත්න මහතායි.

    කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ කෞතුකාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට ඔහු නිර්මාණය කළ ලාංජන සුවිශේෂී වෙයි. ඔහු අතින් සිදු වූ විවිධ පුරාවිද්‍යා සංරක්ෂණ හා සැලසුම් රැසක් අතරින් කුට්ටම්පොකුණ සංරක්ෂණය ප්‍රධානයි. ශ්‍රී මහාබෝධියේ රන්වැට නිර්මාණය සහ පුරාවිද්‍යා ග්‍රන්ථ රැසකට පිටකවර නිර්මාණය කිරීම ද විශේෂත්වයක්. රට දැය වෙනුවෙන් අනගිභවනීය සේවයක් ඉටු කළ එස්.එම්.සෙනෙවිරත්න මහතා මිය යන විට 91වැනි වියේ පසුවිය.

    Last modified on බදාදා, 03 ජූලි 2019 11:48

    Latest News