ඉන්දියාවෙන් මෙරටට ටොන් 10ක ඖෂධ

අප්‍රේ 08, 2020

    කොවිඩ් 19 අර්බුදය හමුවේ, ඉන්දියාව ශ්‍රී ලංකාවට ටොන් 10ක අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කළේය.

    ශ්‍රී ලංකා රජය එම ඖෂධ ඉල්ලුම් කර තිබූ අතර ඖෂධ තොගය ඉන්ඩියානා සමාගමේ විශේෂ ගුවන් යානා 2ක් මගින් අද ශ්‍රී ලංකාව වෙත රැගෙන එනු ලැබීය.

    කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ, මෙය යහපත් සහ අසීරු කාලවල දී ශ්‍රී ලංකාව සමග රැඳී සිටීමට ඉන්දියාවේ දැඩි කැපවීම පිළිබිඹු කරන තවත් අවස්ථාවක් බවයි. දේශීය වශයෙන් පවතින අභියෝග හා සීමාවන් හමුවේ වුවද, සිය සම්පත් සහ ප්‍රවීණත්වය තම මිතුරන් හා සහකරුවන් සමග බෙදා හදා ගත යුතු බව ඉන්දියාව සෑම විටම විශ්වාස කරන බව ද මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

     

     

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 12:48

    Latest News