චීන දුම්වැටි ආනයනයට තිත තියන්න කැබිනට් තීන්දුවක්

ජූලි 03, 2019

    චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්‍රඥප්තියට 2017 වසරේ දී අත්සන් කොට ශ්‍රී ලංකාව අවස්ථා 3කදීම දුම්කොළ විරෝධී සම්මානය ද හිමිකරගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. දුම්කොළ පාලන ප්‍රඥප්තියේ සඳහන් කරුණු 22න් 20ක්ම ශ්‍රී ලංකා සපුරා ඇති නිසා මෙම වැඩපිළිවෙළ චීන දුම්වැටි ආනයනය කිරීම තුළින් ආපස්සට හැරවිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

    Last modified on බදාදා, 03 ජූලි 2019 12:39

    Latest News