දෝව රක්ෂිතයේ ගින්නක්

ජූලි 03, 2019

    බණ්ඩාරවෙල,ඇල්ල,දෝව රක්ෂිතයේ කොටසක ඇතිවූ ගින්නකින් අක්කර 50ක ප්‍රදේශයක් විනාශ වී තිබේ.

    ගින්න තවමත් පවතින බවයි, අප වාර්තාකරු පවසන්නේ. ඊයේ සවස හටගත් ගින්න මැඩපැවැත්වීමට වනසංරක්ෂණ නිලධාරීන්, ආපදා කළමනාකරණ නිලධාරීන් හා ඇල්ල පොලීසිය උත්සහ කළද, එය අසීරුවී තිබේ. ඒ වියළි කාලගුණයත් සමග පවතින සුළං හේතුවෙන්.

    ගින්න පාලනය කිරීමට පැමිණි වන සංරක්ෂණ නිළධාරියෙකු බෑවුම් ප්‍රදේශයක දී ලිස්සා යාමෙන් පිළිස්සුම් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරිණ. දියතලාව යුද හමුදා නිලධාරීන් ද මැදිහත්ව අද උදෑසන ද ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කරන ආකාරය දැකගත හැකි විය.

     

    Last modified on බදාදා, 03 ජූලි 2019 10:03

    Latest News