මඩකලපුවට හා අම්පාරට අද දැඩි උණුසුමක්

ජූලි 03, 2019

    මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළයුතු බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එම නිසා, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට සහ සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට සැලකිලිමත් විය යුතුයි. උණුසුම් කාලගුණයෙන් මිනිස් සිරුරට ඇතිවිය හැකි බලපෑම් හේතුවෙන් වෙහෙසකාරී ක්‍රියා සීමා කිරිමට මෙන්ම, ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත හේතුවෙන් කිරීමට ද ක්‍රියා කළයුතු බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    Last modified on බදාදා, 03 ජූලි 2019 08:31

    Latest News