දුම්රිය සමාන්‍යාධිකාරී පොලිසියට: සේවකයින්ට එරෙහි අධිකරණ ක්‍රියා මාර්ගයක්

ජූනි 28, 2019

    දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදි ජනතාව අපහසුතාවට පත්කරමින් දුම්රිය සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

    ඒ අනුව හදිසි නීති රෙගුලාසි කඩ කිරිමේ චෝදනාවට වර්ජනයේ නිරත සේවකයින්ට එරෙහිව අධිකරණය මගින් අවශ්‍ය ක්‍රියාමර්ග ගැනිම ඒ අනුව සිදුව වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගිනිමින් ඊයේ රාත්‍රියේ සිට පැය 24ක කාලයක් දුම්රිය සෙවකයින් විසින් මෙම වාර්ජනය ක්‍රියාත්මක කරයි.

    දුම්රිය වර්ජනයක් පැවතියද අද (28) උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට එක් කළ බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරි වී. එස්. පොල්වත්තගේ මහතා පැවසීය. මාර්ග සංඥා නොමැති විමෙන් එම දුම්රියන් ධානය ඉතා දුෂකර මාට්ටමින් සිදුවු බව වාර්තාවේ.

    ඔහු ප්‍රකාශ කළේ මහනුවර, රඹුක්කන, මහව, හලාවත, ගාල්ල, මාතර සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල සිට අද උදෑසන දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරිණ.

    Last modified on සිකුරාදා, 28 ජූනි 2019 17:06

    Latest News