ටොන් 25 කන්ටේනරයක් මග හරස්වේ: පැය 04ක් පාර වැසේ

ජූනි 28, 2019

    පොල්පිටිය බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට ටොන් 25 යකඩ සහ උපකරණ ප්‍රවා වාහනය කරමින් තිබු කන්ටෙයිනර් රථයක් ගිනිගත්හේන කළුගල ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ අනතුරකට ලක්වි තිබේ.

    මෙම අනතුරින් මාර්ගය අවහිරවි ගමනා ගමන කටයුතු පැය 4 පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

    අද (28) උදැසන 7 ට පමණ කන්ටෙයිනර් රථය ගිනිගත්හේන කළුගල ප්‍රදේශයෙන් ලක්ෂපාන මාර්ගයට පිවිස ධාවනය කරවන අතරතුරේ වංගුවක් ගැනිමේදි මෙම අනතුර සිදුව ඇත.

    කන්ටෙයිනර් රථය එම මාර්ගය හරහා අවහිර විමෙන් ලක්ෂපාන, පොල්පිටිය, මිනුවන්දෙණිය, හගරාපිටිය, ලක්ෂපාන හරහා නොටන්බ්රිනජ් සහ මස්කෙලිය ප්‍රදේශවලට පිවිසෙන මාර්ගය සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි. බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ ලොඩර් යන්ත්‍ර දෙකක් උපකාරයෙන් මාර්ගය හරහා අවහිර වි තිබු කන්ටෙයිනර් රථය දැඩි පරිශ්‍රමයක් දරා ඉවත් කිරිමෙන් ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් විය. වංගු සහිත පටු මාර්ගයක් වු ගිනිගත්හේන කළුගල ලක්ෂපාන මාර්ගයේ මෙවැනි කන්ටෙයිනර් රථ ධාවනයට සුදුසු නොවන බව ප්‍රදේශවාසින් පවසති.

    laxapanaconteiner2 px 900 1

     

    Latest News