නැවියන්ට මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ වැඩසටහන් මාලාවක්

ජූනි 28, 2019

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව මත්ද්‍රව්‍ය උවදුර හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ නාවික හමුදා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

    එහි තවත් එක් වැඩසටහනක් ඊයේ(27) කොළඹ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ. මත්ද්‍රව්‍ය උවදුර හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ නාවික හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර ආරම්භ වූයේ මේ වසරේ පෙබරවාරි මාසයේ සිටයි. සාමාජීය ගැටලුවක් වූ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ ඉන් වැළකීම පිළිබඳ නාවික හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් මීට ඇතුළත් වේ. අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහතා ඇතුළු විද්වතුන් රැසක් සම්පත් දායකයන් ලෙස ඊට එක්ව ඇත.

    Latest News