පොතුපිටියේ පස් කන්දකට යටවී දෙදෙනෙක් මරුට

ජූනි 27, 2019

    රක්වාන, පොතුපිටිය ප්‍රදේශයේ පාසලක ඉදිකිරීම් කටයුත්තක් අතර තුර පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි. කම්කරුවන් පිරිසක් අදාළ පාසලේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා බිම සකස් කරමින් සිටියදී පස් කන්ද කඩා වැටී ඇති අතර එක් අයෙක් ඊට යටවී තිබේ. අනෙක් කම්කරුවන් විසින් ඔහු මුදාගැනීමට කටයුතු කරමින් සිටින අතර තුර තවත් පස් කන්දක් කඩා වැටී ඇති බව අප වාර්තාකරු පවසයි.

    පස්කන්දට යට වූ කම්කරුවන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා පොතුපිටිය රෝහලට ඇතුළත් කෙරිණ. එහිදී ඉන් දෙදෙනෙකු මියගොස් තිබේ. රක්වාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News