රළ පහරට හසුව ජිවිත අහිමි වු පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද

ජූනි 25, 2019

    කිරින්ද වෙරළ තිරයේදි සැඩ රළ පහරකට හසුවි මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි අද සිදු කෙරේ.

    විනෝද චාරිකාවක් සදහා යාල ප්‍රදේශයට ගොස් කිරින්ද වෙරළ තිරයේදි (23) දින සැඩ පහරකට හසු වි මිය ගිය හැටන් ප්‍රදේශයේ පියා සහ දියණියන් දෙදෙනාගේ දේහයන් ඊයේ (24) රාත්‍රි 12 ට පමණ හැටන් සාත්තු නිවාස පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුණ.

    මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වුයේ නුවන් ඉන්දික විජේසුරිය (39) (ව්‍යාපාරික), නෙසත්මා සහන්දි විජේසුරිය (06), නදිශා ඉනොමි විජේසුරිය (04) යන අයයි.

    මිය ගිය නුවන් ඉන්දික විජේසුරිය මහතාගේ බිරිද නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනිවරයෙකු වශයෙන් සේවය කරන අතර එම බැංකුව විසින් සංවිධානය කරන ලද විනෝද චාරිකාවක් සදහා එම පිරිස ඉකුත් 22 දින යාල ප්‍රදේශයට ගොස් සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඊට පසු දින උදැසන 7.30 ට පමණ වෙරළ තිරයේ රළ පැගිමට ගිය අවස්තාවේ මෙම අනතුරට මුහුණ පා ඇත.

    අනතුරෙන් මිය ගිය නුවන් ඉන්දික විජේසුරිය මහතාගේ බිරිද වන හසිනි විජේසුරිය මහත්මියද මෙම අනතුරට මුහුණ පා බරපතල තත්ත්වයේ අම්පාර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

    හැටන් ප්‍රදේශයේ සියළුම ජනතාවගේ සො සුසුම් මැද ඊයේ රාත්‍රි අනතුරෙන් මිය ගිය අයගේ සිරුරු නිවසට ගෙනවිත් තැන්පත් කර ඇති අතර මිය ගිය තිදෙනාගේ අවසන් කටයුතු අද පස්වරු 4 ට හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි සිදුකෙරේ.

    hatonfunaral1 px 900 19 06

     

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 13:37

    Latest News