අමෙරිකාව, ලංකාවට පැනවූ සංචාරක තහනම අවම කරයි

ජූනි 25, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව අමෙරිකාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම අවම කිරීමට පියවර ගෙන තිබේ.

    මේ අනූව, සංචාරක අවදානම තෙවැනි මට්ටමේ සිට දෙවැනි අදියර දක්වා අවම කිරීමටයි, පියවර ගෙන ඇත්තේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ඊයේ කියා සිටියේය.

    ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් සංචාරයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසයි, තම පුරවැසියන්ගෙන් අමෙරිකානු රජය ඉල්ලා සිටින්නේ.පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව මෙරට සංචාරය නොකරන ලෙස අමෙරිකානු පනවා තිබූ නිවේදනය මේ අනූව ලිහිල් කර තිබේ. යුරෝපීය රටවල් රැසක්,චීනය,ඉන්දියාව,ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව ප්‍රධාන රටවල් රැසක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙරටට පනවා තිබූ සංචාරක තහනම් ලිහිස් කිරීමට ද ඉකුත් වකවානුව පුරා පියවර ගැනිණ.

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 13:04

    Latest News