ඉඩම් ආරවුල විසඳන්න ගිය පොලීසියට හමුවුනේ ගිනිඅවියක්..

ජූනි 25, 2019

    බලපත්‍ර නොමැතිව රිවෝලවර් වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ සවස කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ කෑගල්ල පොලිස් වසමේ හිරිවඩුන්න ප්‍රදේශයේ දී ඉඩමක් සම්බන්ධව පාර්ශව දෙකක් අතර,හටගත් ආරවුලක් පිළිබඳ කෑගල්ල පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානයේ දී ආරවුලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

    ඔවුන් පැමිණි කාර් රථය පරීක්ෂා කිරීමේ දී එහි තුළ තිබී රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් සමඟ ජීව උණ්ඩ 6ක් සොයා ගැනිණ. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් අද දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

     

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 11:15

    Latest News