වැල්ලවායේ භූගත හොර කච්චේරියක් වටලයි (ඡායාරූප)

ජූනි 23, 2019

    සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ව්‍යාජ ලෙස සැකසූ වැලි බලපත්‍රයක් පිළිබඳ ඇති වූ සැකකයක් මත වැල්ලවාය පොලිස් බුද්ධි නිලදාරීන් කළ විමර්ශනයකින් පසු මෙම ස්ථානයට අනාවරණය කර ගැනිණ. මෙම කච්චේරිය බෝධිවර්ධනාරාම පාර, කොස්තලවින්න, රත්නපුර යන ලිපිනයේ පිහිටි නිවසක භූගත ස්ථානයක මෙම පවත්වාගෙන ගොස් ඇත. එහිදී ව්‍යාජ ලෙස සකස් කළ රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍ර 63ක්, පරිගණක, ස්කෑන් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැනිණ.

    මෙම සැකකරු විසින් ජාතික හැඳුනුම්පත්, අධ්‍යාපන සහතික, උපාධි සහතික, උප්පැන්න, මරණ, විවාහ සහතික, ආදායම් බලපත්‍ර, වැලිප්‍රවාහන බලපත්‍ර, ජල විදුලි බිල්පත්, ඉඩම් ඔප්පු ඇතුළු ලියකියවිලි රැසක් ව්‍යාජ ලෙස සකස් කර තිබියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු දීර්ඝකාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ. 63 හැවිරිදි මෙම සැකකරු මීට පෙර ද මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙකු බව පොලිසිය පවසයි. ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    Screenshot 2019 06 23 07 27 59 1

    Screenshot 2019 06 23 07 28 14 1

    Screenshot 2019 06 23 07 28 30 1

    Screenshot 2019 06 23 07 28 36 1

    Screenshot 2019 06 23 07 28 53 1

    Last modified on ඉරිදා, 23 ජූනි 2019 10:46

    Latest News