ආශු මාරසිංහ - බැටිකලෝ කැම්පස් රජයට ගන්න: බරපතල වැරදි රැසක්: තරාතිරම නොබලා දඬුවම් දෙන්න (වීඩියෝ)

ජූනි 21, 2019

    බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් අධ්‍යාපන, මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිරික්ෂණ ඇතුලත් වාර්තාව මහාචාර්ය ආශූ මාරසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    පරීක්ෂණ අවසන් වන තෙක් එම පවරා ගැනීම සිදුකරණ ලෙසයි ඔහු ඉල්ලා සිටියේය. වාර්තාව තුළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සහ නිගමන ඇතුළත් බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

    බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින බවත් ඒ පිළිබඳව විමර්ශනය කළ යුතු බවත් ඔහු පෙන්වා දුනී. ඊට සම්බන්ධය අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේ ය.

    මේ පිළිබඳව විවාදයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසා සිටි අතර ඒ සඳහා විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 21 ජූනි 2019 20:25

    Latest News