මඩකලපුව විශ්වවිද්‍යාලය හෙවත් බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවෙට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සකස් කළ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජයට ඉදිරිපත් කිරීමට තිරණය කර තිබේ.

මඩකලපුව විශ්වවිද්‍යාලය හැකි ඉක්මණින් රජයට පවරා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කරති.

බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් අධ්‍යාපන, මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිරික්ෂණ ඇතුලත් වාර්තාව මහාචාර්ය ආශූ මාරසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Latest News