රාජ්‍ය ආයතන 838ක තෙවන ගිණුම් වාර්තාව එළිදකී

ජූනි 21, 2019

    රාජ්‍ය ආයතන 838ක් ඇතුළත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ තෙවැනි වාර්තාව අද (21) පාර්ලිමේන්තුවට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළේ ය.

    කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කළ මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදි අද අදහස් දැක්වීය.

    "ජුලි මාස 05 වැනිදා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ සහභාගීත්වයයෙන් ඇගයීම් වැඩසටහනක් පවත්වනවා. ගිණුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් අධීක්ෂණයක් සිදුවීම තුළින් ආයතනවල අඩුපාඩු අවම කර ගැනීමට හැකි බව විශ්වාස කරනවා. සමස්ත ක්‍රියාවලිය තුළ ගිණුම් ක්‍රියාවලිය තුළ වර්ධනයක් තිබෙනවා. රාජ්‍ය ආයතනවල කාර්යසධනය ගැන තොරතුරු ඇතුළත් කරන්නත් කටයුතු කර තිබෙනවා. රාජ්‍ය ආයතනත් පාර්ලිමේන්තුවත් තවදුරටත් මෙම කටයුත්ත ඉදිරියට ගෙන ගිය හොත් වංචාවෙන් දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදෙන පුළුවන්. මෙය ඉතාම සුබවාදී තත්ත්වයක් මේ සඳහා වගකීමකින් කටයුතු කිරීමෙන් හොඳ ප්‍රථිඵල අත් කරගන්නට හැකියාව තිබෙනවා" යැයි මන්ත්‍රීවරයා පැවසීය

    Last modified on සිකුරාදා, 21 ජූනි 2019 12:31

    Latest News