විසිරවීමට එරෙහි පෙත්සම විභාගය ඇරඹේ - දැඩි ආරක්ෂාවක් (විඩියෝ)

නොවැ 13, 2018
  • පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිතුමාගේ නියෝගය නීති විරෝධි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් අද (13) යළි විභාගයට ගැනීමට  අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මේ වන විට ආරම්භ කර තිබේ.

    ඒ අනූව නිතිපතිවරයාගේ කරුණු දැක්වීමට පෙරවරු 10.00ට ආරම්භ කිරීමට නියමිතයි.

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් ඉදිරිපත් වී ඇත.

    අගවිනිසුරු නලින් පෙරේරා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගැනිණ.

    එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පාර්ශව විසින් පෙත්සම ඉදිරිපත් කෙරිණි.

    එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර තිබේ.

    මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප්‍රදේශයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යොදා තිබේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...

    Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 11:17

    Latest News