කටුබැද්දේ වටලද්දී  මිලියන 07ක කුඩු කොටුවෙයි

ජූනි 19, 2019

    මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ දී රුපියල් මිලියන 7ක් වටිනා හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 120ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදුකර තිබේ. හෙරොයින් තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර සැකකරුවන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    Last modified on බදාදා, 19 ජූනි 2019 16:06

    Latest News