සූර්ය බල සංග්‍රාමය නවතා දමන්නේ නෑ..ඇමති රවී

ජූනි 16, 2019

    සූර්ය බල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කිසිඳු තීරණයක් ගෙන නැතැයි, අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ජාල මගින් ප්‍රචාරය කළ තොරතුරු අසත්‍ය බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ. සූර්බ බල සංග්‍රාමය ක්‍රියාත්මක කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින්. එහි යම් වෙනසක් සිදුවන්නේ නම් ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුයි. සූර්ය බල සංග්‍රාමය වැඩසටහන අදියර 4කින් සමන්විතයි. මෙරට පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට, විදුලි බල සංවර්ධනයට, සූර්ය බලය උපයෝගී කර ගැනීම වෙනුවෙන් ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම නිවෙස් පියසි මත සූර්ය බල විදුලි ජනන පද්ධති සම්බන්ධ කරගෙන විදුලි ජනනයට අවස්ථාව උදාකර තිබේ.

    මෙහිදී නෙට් මීටරින්, නෙට් ප්ලස්, නෙට් එකවුන්ටින් යන ක්‍රමවේදවලින් තම කැමැත්ත පරිදි විදුලි නිෂ්පාදනය කිරීමට අවස්ථාව සැලසෙන අතර, ඒවා ජාතික පද්ධතියට ලබා දිය හැකියි. 2016 වසරේ ආරම්භ වූ වැඩසටහන යටතේ මෙගා වොට් 200ක් ජාතික පද්ධතියට එක් කිරීමේ ඉලක්කයට ළඟා වෙමින් සිටියි. වසර 2025 වන විටත තවත් මෙගාවොට් 800ක් පද්ධතියට එක්කරමින් මෙගා වොට් දහසක් දක්වා සූර්ය බල සංග්‍රාමය සැලසුම් කර ඇති බව විදුලි බල බලශක්ති හා පුනර්ජනනීය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

     

    Last modified on ඉරිදා, 16 ජූනි 2019 11:51

    Latest News