විභාග සහතිකය දැන් ජංගම දුරකථනයෙන්

ජූනි 13, 2019

    ලෝකයේ ඕනෑම තැනක සිට තම ජංගම දුරකථනය හරහා විභාග අංකය හා හැඳුනුම්පත් අංකය ඇතුළත් කර විභාග සහතිකය ලබාගත හැකි බව, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    විභාග දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ ප්‍රථම වතාවටයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඉසුරුපාය ගොඩනැගිල්ලේ පැවති උත්සවයකට ඊයේ එක්වෙමින්. ඉසුරුපායේ ඉදි කෙරුණු අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

    ආසන 300කින් සමන්විත එය, ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 30කට අධිකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 10:12

    Latest News