කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරයාට එරෙහි අල්ලස් නඩුව ලබන 21

ජූනි 11, 2019

    කුලියාපිටිය මූලික රෝහලේ කායික විශේෂඥ වෛද්‍ය ආර්. එම්. සී. තෙන්නකෝන්වෙල මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව ලබන 21 දා යළි කැඳවීමට නියෝග කර තිබේ.

    රුපියල් 75,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය තෙන්නකෝන්වල මහතාට එරෙහිව මෙම නඩුව කොළඹ දෙවන ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇත.

    මෙම නඩුව අද(11) ආර්. ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රනරාජා යන ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

    නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ ලේඛන අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව විත්තියේ නීතිඥවරයාට කල් ලබා දුන් විනිසුරු මඩුල්ල නඩුව නැවත ලබන 21 වනදා කැදවීමට නියම කර තිබේ.

    2016 වසරේ ජුනි මස 01 වනදා සිට 2016 අගෝස්තු මස 31 වනදා දක්වා කාලසීමාව තුළ කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රෝගීන්ගේ රසායනාගාර වාර්තා ලබා ගැනීමේ කාර්යය පෞද්ගලික රසායනාගාරයක් වෙත ලබාදීම සඳහා මාසිකව රුපියල් 25,000/- බැගින් අල්ලස් ඉල්ලා රුපියල් 75,000/- ක් අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම එම වෛද්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය කිරීම සඳහා රජය මගින් පිහිටුවන ලද දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩුව ලෙසින් මෙම නඩුවට අධිචෝදනා පත්‍ර භාරදීම පසුගිය මැයි 22 වන දා සිදුකෙරිණ.

    අල්ලසට එරෙහි විශේෂ මහාධිකරණය අරඹයි...... ප්‍රථම නඩුව විශේෂඥ වෛද්‍යවරයෙකුට - (මැයි 22)

    https://www.runews.lk/news/item/4765-second-special-high-court-opening-bribery

    Latest News