නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන මාධ්‍යයේ සැරිසරන කතා බොරු

ජූනි 11, 2019

    නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක් නොව රජය විසින් පවත්වාගෙන යනු ලබන රෝහලක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරය වන බවයි.

    2017 ජුනි මස ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව අගෝස්තු පළමු වැනි දින සිට නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා රජයට පවරා ගනිමින් සේවා පවත්වාගෙන යන බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

    එදින සිට රෝහලේ කටයුතු අඛණ්ඩව පවත්වාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ වෛද්‍ය පරිපාලන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විද්වතුන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් විසින් රෝහල් පරිපාලන කටයුතු පවත්වාගෙන යන බව සෞඛ්‍ය අමාතාංශය පවසයි.

    මෙම රෝහල ඉදිකර කර ඇති ඉඩමේ හිමිකාරීත්වය ද නාගරික සංවර්ධන අධිකාරිය සතු වන අතර වෛද්යේ නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් ලබාගෙන ඇති ණය මුදල සම්බන්ධයෙන් රජය විසින් කිසිදු ගෙවීමක් මෙතෙක් සිදුකර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    රෝගී සත්කාරක සේවාවන් නොමිලේ ලබාදෙමින් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ රෝහලක් ලෙස සේවය පවත්වාගෙන යන අතර නීතියට පටහැනි ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 08:58

    Latest News