අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් ලංකාවේ සංචාරයකට සැරසෙයි

ජූනි 11, 2019

    අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මේ මස අග දී ශ්‍රී ලංකාවේ චාරිකා කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    රාජ්‍ය ලේකම්වරයාගේ ආසියා - පැසිෆික් සංචාරයේ ශ්‍රී ලංකාව එක් ගමනාන්තයක්. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ලබන 24 වැනිදා සිට 30 වැනිදා දක්වා ආසියා ශාන්තිකර කලාපයේ සංචාරය කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය. ඔහුගේ පළමු ගමනාත්තය වන්නේ ඉන්දියාවයි.

    මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවේ දෙරටේ සබඳතා ශක්තිමත් කිරීම චාරිකාවේ අරමුණයි. අනතුරුව, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කොළඹට ළගා වන්නේ සංචාරයේ දෙවැනි ගමනාන්තය ලෙසයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනතාවට අමෙරිකා සහයෝගීතාවය පළ කිරීමට ඔහු අපේක්ෂා කරයි. අමෙරිකානු - ශ්‍රී ලංකා සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ඉහළ දේශපාලන නායකයන් සමග නායකයන් සමග අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සාකච්ජා කරනු ඇති. ශ්‍රී ලංකා චාරිකාව නිම කරමින් ඔහු ජපානයේ ඔසාකා නගරය බලා පිටත්ව යන්නේ ජී-20 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහායි.

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 09:21

    Latest News