Update : පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවට අසාද් සාලි පැමිණේ

ජූනි 11, 2019

    Update : අද(11) පස්වරු 2:00ට රැස්වූ තේරීම් කාරක සභාව හමුවේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සාක්ෂි ලබා දීම සඳහා පැමිණ තිබේ. ඔහුගෙන් සාක්ෂි සටහන් කරගැනීම සහ ප්‍රකාශ ලබා ගැනීම මේ වන විට සිදු කරයි.

    පාස්කු ප්‍රහාරය ගැන සොයන; තේරීම් කාරක සභාව අද යළි රැස්වේ - (පෙ.ව.10:29)

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාක්ෂි ලබාදීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද කැඳවා තිබේ.

    තේරිම් කාරක සභාව පස්වරු 2.00ට එහි වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වීමට නියමිතයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පසුගිය බ්‍රහස්පතින්දා (06) තේරීම් කාරක සභාවට සාක්ෂි ලබා දුන්නේය.

    ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මෙන්ම ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ද මීට පෙර තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුනි.

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 15:35

    Latest News