මංතීරු නීතිය අද සිට අකුරට (වීඩියෝ)

ජූනි 10, 2019

    මංතීරු නීතිය අද(10) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    සියලුම වාහන වම් මංතීරුවේ ගමන් කළ යුතු අතර, වාහනයක් ඉස්සර කිරීමේදී හා දකුණට හැරවීමේ දී දකුණු මංතීරුවට වාහන ගත හැකි බවද ගුණසේකර මහතා පෙන්වා දෙයි.

    පොලිස් මාධ්‍ය කාර්යාලයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.

    පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා....

    "හෙට සිට මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා රියදුරන්ට සූදානම්වීමට සති දෙකක කාලයක් ලබාදුන්නා. එය අදින් අවසන් වෙනවා. ප්‍රධාන වශයෙන් නෛතික ප්‍රතිපාදන දෙකක් වලංගු වෙනවා. මෝටර් රථ ආඥාපනතේ 148 වගන්තියට අනුව සෑම වාහනයක්ම වමෙන් ගමන් කළ යුතු බව. වාහනය ඉස්සර කරනාවා නම් දකුණට හරවනවා නම් වමට ගන්න පුළුවන් බව සඳහන් වනවා.

    දෙවන කරුණ වන්නේ බස් ප්‍රමුඛතා මංතීරු නීතියයි. ගාලු පාරේ මොරටුවේ සිට කොළඹ දක්වාත්, බත්තරමුල්ල දියත උයන සිට මරදාන පාර ඔස්සේ පිටකොටුව දක්වා හෙට සිට සිදු කරනු ලබනවා. මංතීරු නීතිය ක්‍රියාත්මක වීමෙන් තදබදය අවම කිරීම හා අනතුරු අවම කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා සියලුදෙනාම සහාය දෙන්න කියා ඉල්ලනවා."

    Last modified on සදුදා, 10 ජූනි 2019 20:16

    Latest News