විදේශ හමුදා මෙරටට පැමිණිමේ කිසිදු සූදානමක් නැහැ - අමාත්‍ය පාඨලී (වීඩියෝ)

ජූනි 08, 2019

    විදේශ හමුදා මෙරටට පැමිණිමේ කිසිදු සූදානමක් නොමැති බව, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් පාර්ශ්ව මේ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති “ජාතික මඟ“ මහා සඟ සමුළුවට එක්වෙමින්. සමුළුව පැවැත්වුණේ, මහා සංඝරත්නයේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන්. සුරක්‍ෂිත රටක් උදෙසා වන යෝජනා මාලාවක් ද මෙහිදී එළිදැක්විණ.කතානායක කරු ජයසුරිය මහතා ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 22:35

    Latest News