කාර්යාලයීය නිලඇඳුම් පිළිබඳ චක්‍රලේඛය සංශෝධනයට

ජූනි 08, 2019

    කාර්යාලයීය නිලඇඳුම් පිළිබඳ චක්‍රලේඛය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බැවින් ඊට අනුකූලව ක්‍රියාකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

    රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛය සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

    රජයේ කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයේ නිලධාරීන්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් නව චක්‍ර ලේඛයක් මැයි මස 31 දා නිකුත් කර තිබේ.

    රාජකාරි වේලාව තුළ රාජකාරියට පැමිණෙන පිරිමි නිලධාරීන් කලිසමකින් සහ කමිසයකින් හෝ ජාතික ඇඳුමින් සැරසී සිටියු යුතු බවත් කාන්තා නිලධාරීන් සාරියකින් හෝ ඔසරියකින් සැරසිය යුතු බවත් එහි සඳහන් වී තිබිණි.

    ආගමික චාරිත්‍රයකට අනුව යම් ඇඳුමකින් සැරසී සිටීමට අවශ්‍ය නිලධාරීන්ට තම අනන්‍යතාව තහවුරු වන ලෙස සම්පූර්ණ මුහුණ පැහැදිලිව හඳුනා ගත හැකි වන ලෙස අතිරේක ඇඳුමක් භාවත කළ හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වී තිබිණි.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 21:47

    Latest News