විශේෂ කාරක සභාවේ කටයුතු පිළිබඳ කතානායක කාර්යාලයේ නිවේදනය

ජූනි 08, 2019

    අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා වාර්තා කිරීම පිණිස පත්කරන ලද විශේෂ කාරක සභාවේ කටයුතු ජනමාධ්‍යයට විවෘත කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණය ගැනීමට එම කාරක සභාවට හැකියාව පවතින බව කතානායක කාර්යාලය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය කියා සිටින්නේ ඒ සම්බන්ධයෙක් කතානායකවරයා පක්‍ෂ නායකයින් සමඟ සාකච්ජා කර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට ද ඉදිරියේදී පියවර ගනු ඇති බවයි. ස්ථාවර නියෝගයන්ට අනුව පොදු එඟතාවයකින් ආරම්භ කළ පාර්ලිමේන්තුව අනුමත කරන ලද ක්‍රියාදාමයන් නැවැත්වීමේ අවසන් බලය පාර්ලිමේන්තුව සතුවම පවතින බැවින්, විශේෂ කාරක සභාවේ කටයුතු වැලැක්වීම කතානායකවරයාගේ අභිමතය පරිදි සිදු කළ නොහැකි බව නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

    කතානායක කාර්යාලය කියා සිටින්නේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුව අංශ කිහිපයකින් ක්‍රියාත්මක වෙමින් සිටින බවයි. ඉන් ප්‍රධානතම කොටසක් වනුයේ ජාතික ආරක්‍ෂාව සහ දිගුකාලීන සංහිඳියාව ගොඩනැගීමයි. සියලු අන්තවාදයන් පිටුදැකීම සඳහා වන නීති සම්පාදනය වෙනුවෙන් අදාළ ආංශික අධීක්‍ෂණ කාරක සභාවන් අඛණ්ඩව රැස් වෙමින් පුළුල් ක්‍රියාදාමයක නිරතවීම ද ඊට ඇතුලත්. ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීමේ විශේෂ කාරක සභාවේ රැස්වීම සහ අදාළ සාක්ෂි විමසීමේ අවස්ථාවන් මාධ්‍ය වෙත විවෘත කිරීම පිළිබඳව පාර්ශව කිහිපයක් විසින් දක්වා ඇති විවිධ මත පිළිබඳ පැහැදිලි කරමින් කතානායක කාර්යාලය මේ බව සඳහන් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 21:12

    Latest News