මහ බැංකු ලොක්කාගේ බැදුම්කර සිද්ධිය බරපතල වංචාවක්: නඩුවට විශේෂ මහාධිකරණය ඉල්ලයි

ජූනි 07, 2019

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපති විසින් අගවිනිසුරුගෙන් අවසර ඉල්ලා තිබේ.

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය හරහා රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇති බව නීතිපති විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකළ සංදේශ මගින් අවධානරය කර ඇත.

    ඒයින් රුපියල් බිලියන 10058 ක භාණ්ඩාගාර බැඳුම්කර වංක සාවද්‍ය පරිහරණය කිරීමක් සිදුවී ඇතැයි නීතිපතිවරයා පෙන්වාදේ.  ඒ හරහා රජයට රුපියල් මිලියන 688,762,100 ක පාඩුවක් සිදුවී ඇති බව අගවිනිසුරුට දැනුම් දී තිබේ. මෙහි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 23 ක් යටතේ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද දැනුම් දී තිබේ.

    මහ බැංකු බැඳුම්කර සිද්ධියට විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇතුළු දස දෙනෙකු නම් කර තිබේ.

    2015 වසරේ පෙබරවාරි මස 27 වනදා සිදුවූ බැඳුම්කර වෙන්දේසියට අදාළව පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ මෙම අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට නියමිත බවද නීතිපතිවරයා විසින් අග විනිසුරුවරයා වෙත යොමුකළ ඉල්ලීමේ සඳහන් වෙයි.

    Last modified on සිකුරාදා, 07 ජූනි 2019 16:38

    Latest News