කිංස්බරි බෝම්බකරුගේ හිසේ පස්චාත් පරික්ෂණයකට CID ඉල්ලීමක්

ජූනි 07, 2019

    කොළඹ කිංග්ස්බරි ‍හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ‍මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අධිකරණයට වාර්තා කරන්නැයි, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝගයක් නිකුත් කළේය.

    සිද්ධියට අදාළව සැකකාර බෝම්බරකාරුගේ හිස් කබළ නිරික්ෂණය කර හඳුනාගත් සාක්ෂිකරුවන් ඉදිරි දින අධිකරණයේ පෙනි සිටින්නැයිද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝගයක් නිකුත් කළේය.

     බෝම්බ පිපිරිම සිදුවු ස්ථානයේ තිබූ හමුවු හිස් කබළ පොලිස් මෘතශරීරාගොරයේ තැන්පත් කර ඇති බැවින් එ් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම සලකමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.

    බෝම්බකරුගේ දියණියගේ සහ බිරිඳ වන එම් වසීර් සිද්දියාගේ කොපුල් සෛල ඇතුලු ශරීර කොටස් බෝම්බකරුගේ සෛල හා ජාන පරීක්ෂණයෙන් අතුරුව ජාන සැසදී ඇති බව පොලිසිය
    අධිකරණයට කියා සිටි‍යේය.

    බිරිඳගේ සහ බෝම්බකරුගේ විවාහ සහතික දියණියගේ උප්පැන්න සහතික පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් බොම්බකරුගේ හිස කොටස පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නියෝගයක් ලැබෙන තෙක් රඳවා තැබීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    Last modified on සිකුරාදා, 07 ජූනි 2019 16:11

    Latest News