බැඳුම්කර නඩුවේ විත්තිකරු වන හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි.

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නිකුත් කළ වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් වරයාගෙන් නියෝග කරයි.

මහ බැංකුවේ බැඳුම්කර නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ නම වෙනස් කරගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය වාර්තා කර ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි.

අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සඳහා වූ ඉල්ලීම විදේශ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිංගප්පූරු රජයට අද නිළ වශයෙන් යොමු කර තිබේ.

මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලිපි ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්‍ෂක අමාත්‍යාංශයට අද (02) බාර දෙනු ලැබිණ.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම්කර සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුව ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කර තිබෙන ඉල්ලීමට පදනම් වන කරුණු තිබේ නම් ඒවා දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් ලබන මස 09 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපති විසින් අගවිනිසුරුගෙන් අවසර ඉල්ලා තිබේ.

Latest News