ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමරන රාමසාන් අද (වීඩියෝ)

ජූනි 05, 2019

    මාසයක කාලයක් පැවති උපවාස සමය නිමා කරමින්, මුස්ලිම් ජනතාව අද ඊදුල් පීතර් රාමසාන් උත්සවය සමරයි.

    මෙය ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උළෙලක්. ඉල්සාම් දහමේ ඇති ප්‍රධානතම වගකීම් 5න් අවසාන වගකීම, නෝම්බි උපවාසයේ යෙදීමයි. මාසයක් පුරා හිරු උදාවේ සිට හිරු බැසයාම තෙක්, ඔවුන් මෙම ශීලය ආරක්ෂා කරයි. මෙය ආගමික හා ශාරීරික ශික්ෂණය ඇති කරන විශේෂිත කාලයක් ලෙසයි ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරන්නේ. අල්ලා දෙවියන්ගේ නිර්දේශය මත යාඥාවන්හි සහ දන්පින් කටයුතුවල යෙදෙමින්, ඔවුන් මෙම පුණ්‍යවන්ත සමය ගත කරයි. උපවාස මාසය අවසන් වෙන්නේ නව සඳ දැකීමෙන් අනතුරුවයි. චන්ද්‍ර මාස ක්‍රමය අනූව පෙළගැසෙන ඉස්ලාමීය මාස ක්‍රමයක ආරම්භය හා අවසානය නව සඳ දැකීමෙන් අනතුරුවයි. චන්ද්‍ර මාස ක්‍රමය අනූව පෙළෙගැසෙන ඉස්ලාමීය මාස ක්‍රමයක ආරම්භය හා අවසානය නව සඳ දැකීමේ චාරිත්‍රය අනූව සිදු වෙයි. උපාවාසය අවසන් කෙරෙන දිනයේ අලුත් ඇඳුම් ඇද ආහාරපාන බෙදාහදා ගනිමින් ඔවුන් ඊදුල් පිතර් උළෙල සමරනු ලබයි. මෙදින ආගමික කටයුතු සඳහා මුස්ලිම් කාන්තාවන් ද දේවස්ථානයට යාම විශේෂත්වයක්. දෙමාපියන්, නෑදැ හිතමිතුරන් හා අසල්වාසීන් සලාම් දෙමින් හිතෛශීවන්ත භාවය අලුත්කර ගැනීම මෙදින දැකිය හැකි චාරිත්‍රයක්.

    Last modified on බදාදා, 05 ජූනි 2019 22:00

    Latest News