මහසොන් බළකායේ අමිත් වීරසිංහට ඇප

ජූනි 04, 2019

    මහසොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (4) නියෝග කළාය.

    මහජන කැළඹීම් ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැණිනි. සැකකරුට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර ඇති චෝදනා මහජන ආරක්ෂක පනත යටතේ නොගැනෙන බව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර කළේය.

    ජාතික අසමගිය ඇතිවන අන්දමේ ප්‍රකාශ සිදුකිරීම හා රැස්වීම් පැවැත්වීම තහනම් කරමින් ඔහුට ඇප කොන්දේසියක් ද නිකුත් කෙරිණ. මෙම ඇප කොන්දේසි කඩකළ හොත් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට විනිසුරු අවවාද කළේය. මේ අතර විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබිණ.

    ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදා හැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් අමිත් වීරසිංහ කොළඹ දකුණ දූෂණ මර්ධන කොට්ඨාස‍ය මගින් මැයි 14 වැනිදා මහනුවර තෙල්දෙණියේදි අත්අඩංගුවට ගනු ලැබිණ.

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2019 12:55

    Latest News