සුව ඇමැති යාපනය රෝහලේ නිරික්ෂණ චාරිකාවක

ජූනි 04, 2019

    යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයතු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් පසුගිය දා නිරීක්ෂණය කරන ලදි.

    මෙහි දෙවන අදියරේ ඉදිකිරීමට වැයකරන මුදල රුපියල් මිලියන 1350 කි.

    එහිදී රෝගීන්ගේ සුවදුක් ද විමසා බැලූ සෞඛ්‍ය අමාත්‍යවරයා යාපනය ශික්ෂණ රෝහලට උපකරණ පරිත්‍යාගයක් ද සිදු කරන ලදි. තවද රෝහලේ පවතින ගැටලු වලට විසදුම් ලබාදීමේ සාකච්ඡාවක් ද පැවැති අතර, මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපතිධූරයට සෞඛ්‍ය අමාත්‍යවරයා යළිත් වරක් තේරී පත්වීම යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් ඇගයීමට ලක් කර ඇත.

    තවද මෙම රෝහලේ ඉදිකරණ ආඝාත ඒකකය, පුනරුත්ථාපන ඒකකය, යෝජිත ළමා රෝහල ඇතුලු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබදව ද විමසා බැලිනි. එමෙන්ම මෙම රෝහලට MRI ස්කැනර් යන්ත්‍රයක් CT ස්කැනර් යන්ත්‍රයක් ඇතුලු තවත් උපකරණ ඉදිරියේ දී ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වී ඇත.

    මෙම අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂ ටී. සත්‍යමුර්ති මහතා ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    Latest News