ව්‍යාජ යුද හමුදා මේජර් නසීර් ඉම්රාන්ට වැඩ වරදී

ජූනි 02, 2019

    යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයෙකු ලෙස පෙනී සිටි මුහම්මදු නසීර් ඉම්රාන් නමැති අයෙකු මොරටුව සොයිසා පුරදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව මොරටුව සොයිසාපුර ඔහු පදිංචිව සිටි නිවස පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. නිවසේ තිබී ඩ්‍රෝන කැමරා දෙකක්, ලැප්ටොප් දෙකක්, යුද හමුදා නිල ඇඳුමක් සොයා ගෙන තිබේ. මොහු මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පෙනී සිට ඇත්තේ යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයෙකු ලෙසයි. 

    Last modified on ඉරිදා, 02 ජූනි 2019 11:55

    Latest News