නිරිත දිග මෝසම සක්‍රියවේ: හෙට සිට ප්‍රදේශ රැසකට වැසි

ජූනි 02, 2019

    හෙට සිට නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපනය වනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නිරිත දිග කොටසේ වැසි තත්වයේ වර්ධනය වීමක් අපේක්‍ෂා කළ හැකියි. බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමු පළාත්වල වැසි වාර කිහිපයක් හටගනු ඇත. යාපනය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනු ඇත.

    පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 50ත්, 55ත් දක්වා ඉහළ යා හැකියි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වනු ඇත.

    Last modified on ඉරිදා, 02 ජූනි 2019 11:42

    Latest News