පොලිස් නිලධාරියෙකු මැරූ අපරාධකරු වෙඩි ප්‍රහාරයකින් මරුට

ජූනි 02, 2019

    අකුරැස්ස, ඌරුමුත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදි පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අපරාධකරු මිය ගොස් තිබේ.

    පසුගිය මැයි 22 වැනිදා පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් අකුරැස්ස, ඌරුමුත්ත ප්‍රදේශයේ නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීමකදි එල්ල වු වෙඩි ප්‍රහාරයකින් පොලිස් නිළධාරියෙකු මිය ගියේ්‍ය.  

    පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ ඌරුමුත්ත, උඩකන්ද ප්‍රදේශයේදී කළ මෙහෙයුමකදී සැකකරු, නැවතත් පොලිස් නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. එහිදී පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා අකුරැස්ස රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, ඌරුමුත්ත, උඩකන්දේ පදිංචි ලොකුගේ ධර්මසිරි (56) නමැති අයෙකි. මෙම මෙහෙයුමේදි සිදුවු වෙඩි හුවමාරුවෙන් පොලිස් නිළධාරියෙකු තුවාල ලැබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    akurassamuder1 px 900 19 06

    akurassamuder2 px 900 19 06

    Last modified on ඉරිදා, 02 ජූනි 2019 12:43

    Latest News