සිනී කර්මාන්ත ශාලා ජල ටැංකිය උඩ 04ක් විරෝධතාවක

මැයි 31, 2019

    බුත්තල පැල්වත්ත සිනී කර්මාන්තායතනයේ ජල ටැංකියට පුද්ගලයින් 4ක් අද (30) උදෑසන නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ.

    අනියම් සේවකයින් බදවා ගැනීමේ දී අක්‍රමිකතා සිදු වන බව පවසමින් තිදෙනනෙකු මුලින් ජල ටැංකියට නැග ඇත. අනියම් කම්කරු රැකියාවක් ලබා දෙන ලෙස ඔවුන් තිදෙනා ඉල්ලා සිටි. ඔවුන්ට සහය පල කරමින් තවත් අයෙකු පසුව එම ටැංකිය මතට නැග ඇති බව අප වාර්තකරු පවසයි.

    පාලනාධිකාරිය සමග සාකච්ඡාවක් ලබාදෙන බව පවසමින් ටැංකියෙන් පහලට බසින ලෙසට සේවකයින්ට පොලිස් නිලධාරීන් දැනුම් දි ඇත. ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබේ. විසදුමක් ලිඛිතව දෙනතුරු මෙම ජල ටැංකියෙන් බැසිමට නොහැකි බව පවසමින් ඔවුන් විරෝධයේ නිරතව සිටි.

    sevanagalsuger 1 px 900 19

     

    Latest News