බදියුදීන්, හිස්බුල්ලා හා ආසාද් සාලි තනතුරු වලින් ඉවත් කරන්න - රතන හිමි උපවාසයක (වීඩියෝ)

මැයි 31, 2019

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි එම ධූර වලින් ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ.

    ඒ මහනුවර, දළඳා මාළිගාව ඉදිරිපිට සිටයි.

    උපවාසය ආරම්භ කර ඇත්තේ පෙ.ව. 10.15 ට පමණි.

    උන්වහන්සේ පවසන්නේ අමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනා එම ධූරවලින් ඉවත් කරන තුරු නිරාආහාරව සිටිමින් උපවාසය දියත් කරන බවයි.

     

    Last modified on සිකුරාදා, 31 මැයි 2019 13:56

    Latest News