ලේක්හවුස් - පා.ම. විජයදාසගේ කීර්ති නාම හානියට මිලියන 500 වන්දියක්

මැයි 31, 2019

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට ලේක්හවුස් ආයතනය විසින් හානි කළාට රුපියල් මිලියන 500ක වන්දියක් ඔහු ගෙවිමට පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය විසින් (ඊයේ) නියෝග කර තිබේ.

    ලේක්හවුස් ආයතනය විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් සිවිල් අභියාචනා මහාධිකරණ විසින් මෙම නියෝගය කරනු ලැබීය.

    ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල පළ වු ප්‍රවෘත්තියකින් කීර්තියට හානි සිදු වූ බැවින් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතාගේ විසින් 2010 වසරේ කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබිණ.

    එම ප්‍රවෘත්තියෙන් විජේදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට හානියක් සිදුවී ඇති බව කොළඹ දිසා අධිකරණය ඒක පාක්ෂිකව පැවැත්වු නඩු විභාගයේ දි තීන්දු කළේය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙසත් ලේක්හවුස් ආයතනයට නියම කෙරිණ.

    එම තීන්දුවට එරෙහිව ලේක්හවුස් ආයතනය විසින් සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය. අභියාචනය විභාග කළ බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව ස්ථිර කරනු ලැබීය.

    Latest News