ශ්‍රී ලාංකිකයින් 20 ක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කෙරේ

මැයි 31, 2019

    නීති විරෝධිව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු එරටින් පිටුවහල් කර ඇත.

    The Australian පුවත්පත වාර්තා කළේ පසුගිය සතියේ අදාළ පුද්ගලයින් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටියදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිස ක්‍රිෂ්මස් දූපතේ රඳවා තැබීමෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව එහි සඳහන් වේ.

    මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස මැයි මස පළමු සතියේ මෙරටින් පිටව ගොස් ඇති බවත් ඔවුන් අතර, කුඩා දරුවෙකු ද වන බවත් The Australian පුවත්පත පවසයි.

    ඔවුන් වසර 05කට පසුව නිතී විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණි පළමු ශ්‍රී ලාංකිකයින් පිරිසයි.

    2013 වර්ෂයේ සිට සරණාගතයින් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකිකයින් 186 දෙනෙකු යළිත් හරවා එවීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර ඇත.

    Latest News