පළාත් කිහිපයකට මිලි ලීටර් 100ක තද වැසී

මැයි 31, 2019

    බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඇතැම් ස්ථාන වලට විශේෂයෙන්ම දකුණු පළාතේ සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වල මි.මී. 100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකියි.

    වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදය කළේය.

    ඌව පළාතේ මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පමණ පසු ස්ථාන ිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තදසුළං ඇති විය හැක.

    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිීටී.

    Latest News