බෝර 12 ගිනි අවියක්, පතොරම් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මැයි 31, 2019

    බකමුණ - දියබෙදුම, 05 කණුව රක්ෂිතයේ බකමුණ පොලිස් ස්තානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බෝර 12 ගිනි අවියක් සහ පතුරම් 02ක් සමඟ සැකකරුවේකු අත්අඩංගුවටගෙන තිබේ.

    ඊයේ (30) රාත්‍රීයේ ලද තොරතුරක් මත මෙම වැටලීමක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 28 ක් වන යාය 2, ගිරිතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    සැකකරු අද (31) හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    බකමුණ පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

    Latest News