ඇමති පාඨලී - ඇමති රිෂාඩ් වහාම ඇමතිධූරයෙන් ඉවත් විය යුතුයි

මැයි 30, 2019

    ඇමති රිෂාඩ් වහාම ඇමතිධූරයෙන් ඉවත් විය යුතු යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    සිදු කෙරෙන සියළු පරීක්ෂණවලට සහය වී නිදොස් වනතුරු ඔහු ඉවත්වි සිටිය යුතු බව ඇමති පාඨලි කියා සිටි.  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (30)දින ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

    එහිදී අදහස් දැක්වූ මහලේකම්වරයා, අද පාර්ලිමේන්තුව ඉදිරියේ විශ්වාසභංග දෙකක් ගෙනවිත් තිබෙනවා. එකක් රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමාට එරෙහිව. අනෙත් එක ජනතා විමුක්ති පෙරමුණ විසින් සමස්ථ රජයටම විරුද්ධව. අපේ ස්ථාවරය මේ රජයට එරෙහිව තිබෙන විශ්වාස භංගය අපි කලින්ම විවාදයට අරගෙන ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ මත විමසීම සිද්ධ කළ යුතුයි කියලා. එය තමයි අපේ මූලික අදහස. ඊ ළඟට රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමා සම්බන්ධයෙන් එතුමාගේ මේ ත්‍රස්තවාදී ක්‍රියාවලියට තිබෙන සම්බන්ධය පිළිබඳව යම් යම් කරුණු ගණනාවක් දක්වලා තිබෙනවා. කරුණු 10 ක්. ඒ විශ්වාසභංගයේ කවුරුත් දන්නවා. ඒවා ඇත්තටම ගතහොත් බොහෝ දුරට අපරාධ වරදවල්. එක පැත්තකින් අත්අඩංගුවට ගත් අය වැලැක්වූවයි කියලා චෝදනාවක් තිබෙනවා. අනෙක් පැත්තෙන් ත්‍රස්තවාදයට අරමුදල් සම්පාදනය හා අනෙකුත් කාරණාවලට එතුමා සහය දුන් බවට චෝදනා එල්ලවෙලා තිබෙනවා.

    මේවා මේ පාර්ලිමේන්තුවේ වාද විවාද වලින් විමසන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා අනිවාර්යයෙන්ම මේ රටේ පොලීසිය, ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශ විසින් විධිමත්ව පරීක්ෂණය කරලා ඒ අනුව ඒ උසාවිවල කරිර යාකළ යුතු ප්‍රශ්න. ඒ අනුව අපි විශ්වාස කරනවා එකම ප්‍රශ්නය මෙතන තිබෙන එතුමා ඇමතිධූරයේ සිටින කොට, රජයේ ඉන්න කොට මෙවැනි පරීක්ෂණයක් සාධාරණව කරන්න ඉඩකඩ ලැබෙයිද, ඔහු ඔහුගේ රාජ්‍ය බලය පාවිච්චි කරයිද? ඔහුගේ දේශපාලන බලය සාධාරණ පරීක්ෂණයකට එරෙහිව යොදා ගනියිද? කියන චෝදනාව. මෙයට කලිනුත් මේ වගේම ප්‍රශ්න පැන නැගුණා. එතුමා තමන්ගේ අමාත්‍යධූරයෙන් ඉවත් වෙලා මේ පරීක්ෂනණය අපේ පොලීසියට පවරලා එතුමාට එරෙහිව තිබෙන ඒ චෝදනා 10 සම්බන්ධයෙන් කඩිනම් විමර්ෂණයක් කරලා ඒ විමර්ෂණයට අනුව ආණ්ඩුවත්, ඒ වගේම අපේ නීතිය හා සාමය පිළිබඳ අංශත් ක්‍රියා කරනවා. ඔහු නිෂ්චිතවම වරදක් කරලා තිබුණයි කියල ඒ විමර්ෂණයේදී පෙනී ගියහොත් ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන්. ඔහු වරදක් කරලා නැත්නම් ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන්.

     

     

    Latest News