පාතාලයේ ප්‍රබලයින් බූස්සට යැවීම අරඹයි: බුස්සේ ආරක්ෂාව තරවේ

මැයි 26, 2019

    පාතාල අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම් සහ ජීවිතාන්ත සිර දඬුවම් ලබා ඇති ප්‍රධාන පෙළේ සිරකරුවන් රැසක් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.

    වැලිකඩ හා මහර බන්ධනාගාරයේ සිටි අපරාධකරුවන් 13 දෙනෙකු ඊයේ (25) බූස්සට මාරු කර යවා ඇති බව වාර්තාවේ. ප්‍රබල පාතාල අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් පමණක් දැඩි ආරක්ෂාව සහිතව බූස්ස බන්ධනාගාරය තුළ රැඳවීමට, ජනාධිපති හා අධිකරණ ඇමතිනියගේ උපදෙස් මත බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

    ජීවිතාන්ත සිරදඬුවම් විඳින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වූ සුසෙයි, මරණ දඬුවම් නියමව සිටින වෝඩ් ප්ලේස් කුඩු සියාම් සහ වෙලේසුදාගේ ප්‍රධාන ගෝලයකු වන ගෞතන් යන අපරාධකරුවන් කිහිපදෙනෙකු ඒ අතර වන බව වාර්තාවේ. තවත් සිරකරුවන් පිරිසක් ඉදිරි දිනවලදී මාරු කර යැවීමට නියමිතය. විශේෂ සිරකුටි 15ක් දැනට මෙහි සඳහා සූදානම් කර ඇතැයිද බන්ධනාගාර මූලස්ථාන ප්‍රකාශකයා පැවසීය.

    Latest News