බූස්ස බන්ධනාගාරයේ 44කට කොරෝනා

නොවැ 14, 2020

    බුස්ස බන්ධනාගාරයේ F වාට්ටුවේ රඳවා සිටි රැදවියන් 44 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි.

    රැඳවියන් 107 දෙනෙක් හා බන්ධනාගාර නිලධාරින් 25 දෙනෙක් ඊයේ (13) දිනයේදී සිදුකළ පි.සි.ආර්. පරික්ෂණයට ලක් කරනු ලැබුවා.

    ඒ අනුව අද දින ලැබුණු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව රැදවියන් 44 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී තිබේ.

    Latest News