වෛද්‍ය සේයිගුට එරෙහිව පැමිණිලි ගලයි: CIDයත් පැමිණිලි ඉල්ලයි

මැයි 26, 2019

    කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සේයිගු ෂියාබ්ඩීන් එරෙහිව ඇති පැමිණිලි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කල හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. ප්‍රකාශ කළ නොහැකි අන්දමේ වත්කම් ඉපයිමේ චෝදනාව යටතේ වෛද්‍යවරයාව පෙරේදා (24) කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. ප්‍රසව හා නාරි වෛද්‍ය සේයිගු ෂියාබ්ඩීන් එරෙහිව කාන්තාවන්ට වඳ සැත්කම් සිදුකළ බවට විවිධ පාර්ශව විසින් චෝදන එල්ල වෙමින් තිබේ. එ අනුව ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ භාරදෙනු ලැබිණ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට පරික‍්ෂණ ආරම්භ කර ඇත. අදාල වෛද්‍යවරයාට එරේහිව පැමිණිලි ඇත්නම් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට යොමුකරන ලෙස ශ්‍රි ලංකා පොලිසිය ඉල්ලා සිටි.

    මේ අතර අත්අඩංගුවට ගැණුනු වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි 5ක් කුරුණෑගල රෝහලට ලැබි තිබේ. රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්දන කැඳන්ගමුව මහතාට ඔවුන් මෙම පැමිණිළි ඉදිරිපත් කර ඇත. සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැණින. එමෙන්ම ඔහුට තවත් නීති විරෝධි ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

    මේ අනුව අද දිනයේ එම වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම් සිදු කරගත් කාන්තාවන් 5 දෙනෙක් පැමිණිලි කර තිබේ. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, අදාළ සැත්කමෙන් පසු තමන්ට නැවත ගැබ් ගැනීමක් සිදු නොවීම පිළිබඳ සැකයක් පවතින බවයි. එබැවින් ඒ, පිළිබඳ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස, අදාළ පැමිණිල්ලෙන් ඔවුන් පෙන්වා දෙයි.

    Last modified on ඉරිදා, 26 මැයි 2019 19:42

    Latest News