නීති විරෝධි දුම්වැටි තොගයක් අත්අඩංගුවට

මැයි 26, 2019

    නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළේ දී පුද්ගලයින් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    මොවුන් අද උදේ ඩුබායි සිට පැමිණි ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති අතර දෙදෙනාම මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. රුපියල් ලක්‍ෂ 17කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News